Monday, May 20, 2024

General line - 0115112241

කොල්ලූපිටියේ සිට කොටුව දක්වා දැඩි රථවාහන තදබදයක්




කොළඹ ගාලූ පාරේ මේ වනවිට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ එක්සත් ජාතික පක්ෂය, ගාලූ මුවදොර පිටියේ දී පවත්වන යුක්තියේ හඬ ජන රැළිය හේතුවෙන් මෙලෙස ගාලූ පාරේ රථ වාහන තදබදයක් පවතින බවයි.

කොල්ලූපිටියේ සිට ගාලූ මුවදොර දක්වාත් ගාලූ මුවදොර සිට කොටුව දක්වාත් රථ වාහන තදබදය පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මෙම රැළියට සහභාගී වීමේ අරමුණින් දිවයිනේ ප‍්‍රදේශ රැසක සිට බොහෝ පිරිසක් මේ වනවිටත් කොළඹට පැමිණෙමින් සිටින බවද වාර්තා වනවා.