Monday, May 20, 2024

General line - 0115112241

පහේ ශිෂ්‍යත්වයේ නැවත සමීක්ෂණයෙන් දෙසීයකගේ ප‍්‍රතිපලවල වෙනසක්

ඩිල්ෂාන් මඩවල




05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප‍්‍රතිපල මේවනවිට අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා. doenets.lk යන වෙබ් අඩවියට පිවිස නියමිත ස්ථානයේ විභාග අංකය ඇතුළත් කර එම ප‍්‍රතිපල ලබා ගත හැකියි.

අයදුම්කරුවන් 200කට ආසන්න පිරිසකගේ ප‍්‍රතිපලවල සුළු වෙනස්කම් සිදුව ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවා. විභාග අංකය ඇතුළත් කර ප‍්‍රතිපල ලබා ගත හැකි වන්නේ එලෙස ප‍්‍රතිපල වෙනස් වූ අයදුම්කරුවන්ගේ පමණක් බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.