Monday, May 20, 2024

General line - 0115112241

උත්සව සමය වෙනුවෙන් කොළඹ නගරයේ ආරක්ෂාව දැඩි කරයි : රියදුරන්ට විශේෂ උපදෙස්

දිනුක් හේවාවිතාරණ




උත්සව සමය වෙනුවෙන් කොළඹ නගරයේ ආරක්ෂාව වෙනුවෙන් පමණක් පොලිස් නිලධාරින් 2000ක් රාජකාරියේ යොදාවා ඇති බව පොලිස් මුලස්ථානය නිවේදනය කරනවා.

උත්සව සමයේ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරින් නගරයේ තුල සිටින ගැට කපන්නන් ගෙන් සහ විවිධ වංචාකාරී ක්‍රියාවන් කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

කොළඹ නගරයද ඇතුළුව දිවයිනේ සියලුම ප්‍රධාන නගරවල රථවාහන තදබදය අවම කිරීම උදෙසාද විශේෂ වැඩපිළිවලක් සිදුකිරීමට පොලිස්පති පුජිත් ජයසුන්දර ගේ නියෝගයෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව පදික වේදිකාවන් ආසන්නයේ අනවශ්‍ය ලෙස මාර්ග අවහිරතාවයන් සහ ආරක්ෂාවට තර්ජණයක් ඇති වන ආකාරයට ගාල්කර තිබෙන වාහන පොලිසිය විසින් ඉවත් කිරීමට කටයුතු කරනු ඇති. එමෙන්ම උත්සව සමයේ මාර්ග ආරක්ෂාව වෙනුවෙන් බිමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට දිවයින පුරා මෙහෙයුම් මේ වන විටත් ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කර සිටිනවා.

උත්සව සමයේ ගිනිකෙළි භාවිතයේදී විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් ප්‍රමිතිගත ගිනිකෙළි භාවිතා කරන මෙන්ද කුඩා දරුවන්ගෙන් ගිනිකෙළි භාවිතය ඉවත්කර තබන ලෙසද මහජනතාවගෙන් පොලිසිය ඉල්ලා සිටිනවා.