Monday, May 20, 2024

General line - 0115112241

ජාතික ධඡය ඇඳගෙන දිය නාමින් සිටි පුද්ගලයෙක් කැමරාවට හසුවෙයි (PHOTOS)

ප්‍රියංකර කළුපහන - පුත්තලම




ජාතික ධඡය පැළඳගෙන දිය නාමින් සිටි පුද්ගලයෙකු සම්බන්ධයෙන් පුවතක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වනවා. අදාළ පුද්ගලයා 65 හැවිරිදි දමිළ ජාතිකයෙක් බවත් ඔහු ජාතික ධජය පැළදගෙන දිය නාමින් සිට ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. 

ඔහු දිය නාමින් සිටි ස්ථානය ආසන්නයෙන් යමින් සිටි මාධ්‍යවේදියෙක් ජාතික කොඩිය සතු වටිනාකම සහ එහි ඇති අගය පිළිබදව අදාළ පුද්ගලයාට පැහැදිලි කිරීමෙන් අනතුරු ඔහු වහාම එය ඉවත් කිරීමට කටයුතු කළ බවයි වැඩි දුරටත් අණාවරණය වෙන්නේ.

ඉන් පසු ආදාළ වයෝවෘද්ධ පුද්ගලයා පවසා ඇත්තේ තමන් වයස අවුරුදු 65 ක් වන බවත්, මේ දක්වා ජාතික කොඩිය සතු වටිනාකම සහ වගකීම තමන් නොදන්නා බවත් මින් ඉදිරියට තමන් එලෙස ජාතික කොඩියට කිසිදු අයුරකින් අපහාසයක් හෝ අගෞරවයක් වන පරිද්දෙන් කටයුතු නොකර බවත්, සිදුවූ වරදට තමන් සමස්ථ රට වැසියන්ගෙන්ම සමාව අයදින බවයි.