Monday, May 20, 2024

General line - 0115112241

ජාතික ආණ්ඩුවක් ලෙස සැළකිය හැකි ආකාරය නීතිවේදීන් පෙන්වයි

ඩිල්ෂාන් මඩවල/සජිත් තිලකරත්න




නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 30 ඉක්මනු ඇත්දැයි දේශපාලන වේදිකාවේ මේ වනවිට කතාබහක් ඇති වී තිබෙනවා.

විපක්‍ෂ කණ්ඩායම් පෙන්වා දෙන්නේ මෙම නව ආණ්ඩුව එක්සත් ජාතික පෙරමුණ විසින් තනිව පිහිටුවන්නක් බැවින් එහි කැබිනට් මණ්ඩලය 30 ඉක්මවා යා නොහැකි බවයි. එහෙත් අවශ්‍යතාවක් ඇතිවුවහොත් කැබිනට් මණ්ඩලය 30 ඉක්මවා යාමට හැකිවන පරිදි පාර්ලිමේන්තු අනුමැතියක් ලබාගන්නා බව එක්සත් ජාතික පෙරමුණ ඊයේ (17) පැවැත්වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර පැවසුවා. 

නෙත් නිවුස් මේ පිළිබදව නීතිවේදීන්ගේ මතයද විමසා සිටියා. ඊට පිළිතුරු දෙමින් කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිපීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ මේනක හරන්කහ පැවසුවේ කැබිනට් මණ්ඩලය 30 ඉක්මවා යා හැක්කේ ජාතික ආණ්ඩුවක් පිහිටුවන අවස්ථාවකදී බවයි. එවැනි ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට හැකි ආකාරයද මෙහිදී විස්තර කෙරුණා.

විපක්‍ෂ කණ්ඩායම් විසින් පෙන්වා දෙන තවත් තර්කයක් වන්නේ එක්සත් ජාතික පෙරමුණ යටතේ නොව වෙනම තරග කර පාර්ලිමේන්තුවට පිවිසි ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ එක් මන්තී‍්‍රවරයෙකු සමග සන්ධානගතව එය ජාතික ආණ්ඩුවක් ලෙස පෙන්වීමට එක්සත් ජාතික පෙරමුණ සූදානම් වන බවයි. එහෙත් එවැනි අවස්ථාවක්ද ජාතික ආණ්ඩුවක් ලෙස සැලකිය නොහැකි බව නීතිඥ මේනක හරන්කහ මෙම කරුණු දැක්වීමේදී කියාසිටියා.