Tuesday, May 14, 2024

General line - 0115112241

නාමල් කුමාර තවත් සංවාදයක් පටිගත කරයි

කසුන් කැළුම්




සිය මව්පියන් සිටින අම්පාරේ පිහිටි නිවසට පැමිණි යුද හමුදා නිලධාරීන් ලෙස සැරසුණු කණ්ඩායමක් එම නිවස පරීක්‍ෂා කර ඡායාරූපද ලබාගෙන ගොස් ඇති බව දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ වරකාපොලදී මාධ්‍ය හමුවක් පවත්වමින්.

එහිදී "තාත්තා දුරකතනයෙන් කතා කරලා කිව්වා...යුද හමුදා ඇඳුමට සමාන ඇඳුම්වලින් සැරසුනු පිරිසක් ගෙදරට ආවා කියලා.. පසුව මම පොලිසියට මේ ගැන කිව්වා." යනුවෙන් සඳහන් කළා.

එම සංවාදය ද ඔහු පටිගත කර තිබුණා.