Tuesday, May 14, 2024

General line - 0115112241

නව ව්‍යවස්ථාවෙන් රට දෙකඩ වන බවට කෙරෙන චෝදනා ජවිපෙ ප්‍රතික්ෂේප කරයි

සජිත් තිලකරත්න




නව ව්‍යවස්ථාවෙන් රට දෙකඩ වන බවට ඇතැම් පාර්ශ්ව කරන චෝදනා ප‍්‍රතික්‍ෂේප කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පැවසුවේ නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට පෙර ඒ පිළිබද කටයුතු රැසක් සිදුකළ යුතු බවයි.

නව ව්‍යවස්ථාව සැකසීමේ කි‍්‍රයාවලිය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා.

ජාතික විද්වත් සංවිධානයේ කොළඹ දිස්ති‍්‍රක් සමුළුවට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළා.