Tuesday, May 14, 2024

General line - 0115112241

අනිද්දා සිට 17 දක්වා පාසල් කිහිපයක් වැසේ

නිශාන් ද සිල්වා




අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු සඳහා පාසල් 4 ක් වසා තැබෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවසුවේ අනිද්දා (08) සිට 17 වැනිදා දක්වා එම පාසල් වසා තැබෙන බවයි.

මෙලෙස වසා තැබෙන්නේ කොළඹ ඉසිපතන විද්‍යාලය, මාතර මහානාම මහා විද්‍යාලය, කුරුණෑගල සී.ඩබ්.ඩබ්. කන්නංගර විද්‍යාලය සහ මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා යන පාසල්.

ඇගයීම් කටයුතු සඳහා තවත් පාසල් 21ක් යොදා ගැණුනත් එම පාසල්වල කොටසක් පමණක් ඒ සඳහා යොදා ගන්නා බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා නෙත් නිවුස් වෙත කියාසිටියේ. අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය පසුගිය දෙසැම්බර් 3 වැනිදා සිට 16 වැනිදා දක්වා පැවැත්වුණා.