Tuesday, May 14, 2024

General line - 0115112241

ස්ථානාධිපතිවරුන් 72කට දී තිබූ ස්ථානමාරු තාවකාලිකව අත්හිටුවයි

හේමන්ත කහවලගේ




පොලිස් ස්ථානාධිපතිවරුන් 72කට ඉකුත්දා ලබාදුන් ස්ථාන මාරුවීම් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ, ජාතික පොලිස් කොමිසම විසින්. එම ස්ථාන මාරුවීම් සතියක කාලයක් අත්හිටුවීමටයි එම කොමිසම තීරණය කර ඇත්තේ.

තාක්‍ෂණික දෝෂයක් හේතුවෙන් එම ස්ථාන මාරුවීම් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. මෙම ස්ථාන මාරුවීම් ඉකුත් 04 වැනිදා ලබාදී තිබුණේ පොලිස්පතිවරයාගේ නිර්දේශය අනුව සේවයේ අවශ්‍යතාව මතයි.