Wednesday, May 15, 2024

General line - 0115112241

මහින්දට එරෙහිව නීතිය ඉදිරියට නොයන බව TNA කියයි

දිනසේන රතුගමගේ




මහින්ද රාජපක්ෂ මහතා විපක්‍ෂ නායක ධූරයට පත් කිරීමට එරෙහිව නීතිමය පියවර නොගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මාවෙයි සේනාධිරාජා පවසනවා.

යාපනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ ඒ සම්බන්ධයෙන් නඩු පැවරීමක් නොකළත් කතානායකවරයාට හා සභාපතිවරයාට ඒ පිළිබද දැණුම් දීමක් කර ඇති බවයි.

දෙමළ ජාතික සන්ධානය මහින්ද රාජපක්ෂ මහතා හෝ වෙනත් අයෙකු විපක්ෂ නායක ධුරයට පත්වීම සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් නොමැති බවද මාවෙයි සේනාධිරාජා මන්තී‍්‍රවරයා සදහන් කර සිටිනවා.

එහෙත් පාර්ලිමේන්තු ක‍්‍රමයට හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනිව සිදුවන කි‍්‍රයාදාමයන්ට තමන් කිසිසේත්ම එකඟ නොවන බවයි ඔහු පවසන්නේ.

මහින්ද රාජපක්ෂ මහතා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙකු වූ පසුව ඔහුට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් විපක්ෂ නායක ධූරයට පත්වීමට ඉඩක් නොමැති නිසා ඔහුට එරෙහිව මේ විරෝධය ගොඩ නැගී ඇති බවද මන්ත‍්‍රීවරයා පෙන්වා දෙනවා.