Tuesday, May 14, 2024

General line - 0115112241

රියදුරු බලපත‍්‍රය ලබාගැනීමට පෙර තවත් තාක්‍ෂණික පරීක්‍ෂණයක්

සජිත් තිලකරත්න




රියදුරු බලපත‍්‍රය ලබාගැනීමට පෙර ඉදිරියේදී තවත් තාක්‍ෂණික පරීක්‍ෂණයකට පෙනී සිටීමට සිදුවන බව මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා.

එහි සහාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ නෙත් නිවුස් වෙත කියාසිටියේ එම තාක්‍ෂණික පරීක්‍ෂණය සිදු කෙරෙන රියදුරු පුහුණු කිරීමේ විද්‍යුත් තාක්‍ෂණික උපකරණ කට්ටල 3 ක් ද ජපානයෙන් ලැබී ඇති බවයි.

එම විද්‍යුත් තාක්‍ෂණික උපකරණ හරහා රියදුරු බලපත‍්‍ර ලබාදීමේදී ලකුණු ලබාදීමක්ද සිදු කෙරෙනවා. මෙම විද්‍යුත් තාක්‍ෂණික උපකරණය මගින් සිදුවන කි‍්‍රයාදාමය පිළිබදවද වෛද්‍ය සිසිර කෝදාගොඩ මෙලෙස විස්තර කළා.

(එම හඬපටය පහතින් දැක්වෙයි)