Wednesday, May 15, 2024

General line - 0115112241

"සිංහල බෞද්ධ ජනතාවගේ ඉල්ලීම්වලට එජාපය මීට වඩා නම්‍යශීලි විය යුතුයි" - කබීර්

කසුන් කැළුම්




සිංහල බෞද්ධ ජනතාවගේ ඉල්ලීම්වලට එක්සත් ජාතික පක්‍ෂය මීට වඩා නම්‍යශීලි විය යුතු බව එහි සභාපති අමාත්‍ය කබීර් හෂීම් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කෑගල්ල ප‍්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කබීර් හෂීම් සඳහන් කළේ "මම මුස්ලිම්වරයෙක්..බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම අපි දිවිහිමියෙන් රකිනවා. මේ රටේ ඒකීයභාවය පළුදු වෙන්න අපි ඉඩ තියන්නේ නෑ. අපේ අඩුපාඩු තියෙනවා තමයි..අපේ වැරදි ගොඩාක් තියෙනවා. බහුතර සිංහල බෞද්ධ ජනතාවගේ ඉල්ලීම් සඳහා අපි මීට වඩා නම්‍යශීලි විය යුතුයි." යනුවෙනි.