Tuesday, May 14, 2024

General line - 0115112241

මීගමුවේ සිට ප්‍රංශ දූපතකට ගිය සිද්ධිය ගැන යත්‍රාවේ නියමුවාගෙන් ප්‍රශ්න කරයි

කසුන් කැළුම්




ප‍්‍රංශයේ reunion දූපතට නීතිවිරෝධීව ඇතුළු වූ ශී‍්‍ර ලාංකිකයින් හත්දෙනා මුදා හැර තිබෙනවා.

ඔවුන් ගමන්ගත් යාත‍්‍රාවේ නියමුවා මේ වනවිට දිවයිනට ගෙන්වා ඇති අතර තවත් පුද්ගලයින් දෙදෙනෙකු අද (06) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

සෙසු පිරිස ඉදිරියේදී දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි ධීවර දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඔවුන් ඉකුත් මස 5 වැනිදා ප‍්‍රංශයේ reunion දූපත බලා ගමන් ආරම්භ කළේ මීගමුව ධීවර වරායෙන්. මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින එම යාත‍්‍රාවේ නියමුවාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව රඳවාගෙන ප‍්‍රශ්න කරනවා.