Tuesday, May 14, 2024

General line - 0115112241

නුගේගොඩ අනුලා විද්‍යාලයේ දහම් පාසල වසා දැමීම ගැන විදුහල්පතිනිය කරුණු කියයි

හේමන්ත කහවලගේ




නුගේගොඩ අනුලා විද්‍යාලයේ වසර 25 ක් තිස්සේ පවත්වාගෙන ගිය දහම් පාසල වසා දැමීමට එම විද්‍යාලයේ විදුහල්පතිනිය කටයුතු කර ඇතැයි මව්පියන් චෝදනා කරනවා. ඒ, පිළිබඳ පියෙකු නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් දැක්වුවා.

මෙම චෝදනාව සම්බන්ධයෙන් නෙත් නිවුස් නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනි ජයනි ප‍්‍රශංගිකා ගෙන් විමසීමක් කළා. ඇය කියාසිටියේ මෙම දහම් පාසල පවත්වාගෙන යාමට අනුමැතිය ලබාගෙන ඇත්තේ වෙනත් පෞද්ගලික ලිපිනයක් හරහා බවයි.

මේ පිළිබදව තමන් අධ්‍යාපන අමාත්‍යාංශයට දන්වා ඇති අතර ඔවුන්ගේ තීරණය එන තෙක් මෙම දහම් පාසල තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බවයි නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනි ජයනි ප‍්‍රශංගිකා කියාසිටියේ.