Tuesday, May 14, 2024

General line - 0115112241

යුරෝපා පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරු කතානායක හමුවෙයි




යුරෝපා පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයකු සහ ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව සංගමයේ සභාපතිවරයා වන ජෙෆ්රි වැන් ඕර්ඩන් හා යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරයකු වන විලියම් ඩාර්ට්මෝර්ත් අද (06) පෙරවරුවේ කථානායක කරු ජයසූරිය මහතා මුණ ගැසුණා. එහිදී ශ‍්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ස්වකීය පූර්ණ සහය ලබාදෙන බවයි ඔවුන් පවසා ඇත්තේ.

ශ‍්‍රී ලංකාවේ  ඉකුත් දිනවල ඇතිවූ දේශපාලන අර්බුදකාරී තත්ත්වයන් ව්‍යවස්ථානුකූලව, සාමකාමී ලෙස විසඳා ගැනීම පිළිබඳ මන්තී‍්‍රවරුන් පිරිස සිය ප‍්‍රසාදය පළ කර තිබෙනවා. කථානායකවරයා එහි දී සෘජුව පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම පිළිබඳව ද ඔවුන් ප‍්‍රශංසා කළ බවයි කතානායක කාර්යාලය පැවසුවේ.