Tuesday, May 14, 2024

General line - 0115112241

විනය කඩන අයට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග

හේරත් ඒකනායක




පක්ෂයේ විනය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉදිරියේදී දැඩි තීන්දු ගන්නා බව ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර පවසනවා. ඒ, මහනුවරදී මාධ්‍යවේදීන් අද (06) නැගූ ප‍්‍රශ්ණවලට පිළිතුරු ලබා දෙමින්.

ඇත්ත වශයෙන්ම විනය කියන්නේ පක්ෂයකට තිබිය යුතු මුලික දේ. එය පක්ෂයට විතරක් නෙමෙයි රටක් වශයෙන් විනයක් තියෙන්න ඕනේ. මිට පෙර පක්ෂයෙන් ගිය අයට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගන්න ඕනේ කියන මතයේ හිටියේ. නමුත් එහෙම දෙයක් උනේ නැහැ. නමුත් මගේ කාලයේදී පක්ෂය අත්හැර යන අයට එරෙහිව දැඩිව විනය ක්‍රියා මාර්ග ගන්න ජනාධිපතිතුමා සමග සාකච්ජා කරා. පක්ෂයේ තීන්දු තීරණ වලට එරෙහිව ඉන්න අය වේවා, පක්ෂය හැර යන අය වේවා, ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරයාගේ සිට එවැනි අයට එරෙහිව විනය පියවර මින් ඉදිරියට ගන්න සුදානම් බව ඔහු මෙහිදී කියා සිටියා/

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සම්බන්ධයෙන් ද මන්තී‍්‍රවරයා අදහස් පළ කළා. එහිදී මන්ත්‍රිවරයා කියා සිටියේ චන්ද්‍රිකා කුමාරතුංග කියන්නේ වමේ දේශපාලනය පිළිබද මනා අවබෝධයක් තියෙනවා. ඒ වගේමයි අවුරුදු 17 ක් නිදහස් පක්ෂය විපක්ෂයේ සිටියදී ආණ්ඩු පක්ෂයට ගෙන්න කැප වුනේ එතුමියයි. චන්ද්‍රිකා මැතිනියට මහින්ද රාජපක්ෂ මහතා සමග වසර ගණනාවක කොන්ත්‍රරයක් තියෙනවා. එහෙම කියලා පක්ෂය විනාශ කරලා එක්සත් ජාතික පක්ෂයට බලය ලබා දෙන්න එතුමිය කටයුතු කරයි කියලා හිතන්න අමාරුයි වගේම ඒ ප්‍රශ්නයට නිදහස් පක්ෂය සම්බන්ධ නැහැ. දැනට පක්ෂයේ යම් පසුබෑමක් තියෙනවා. අපිට අවශ්‍ය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ සියලු දෙනා එක්ව පක්ෂය ගොඩනගන්න, ඒකට චන්ද්‍රිකා මැතිනියත් සහභාගී කරගෙන පක්ෂයේ ඉදිරි වැඩපිලිවල කරගෙන යන්නයි අපට අවශ්‍ය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස පත්වීමෙන් පසු දයාසිරි ජයසේකර මන්තී‍්‍රවරයා අද පෙරවරුවේ ශ‍්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.