Thursday, May 16, 2024

General line - 0115112241

පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය සහ ශ‍්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත් කිරීම ගැටළුවක්

හේරත් ඒකනායක - මහනුවර




උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ තිබූ පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය සහ අනුරාධපුරයේ පිහිටි ශ‍්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය පථයට ඇතුළත් කිරීම ගැටලූවක් බව අස්ගිරි පාර්ශවය පවසනවා. 

ඒ, මහනුවර අද (06) පැවැති මාධ්‍ය හමුවකදීයි. මේ, එහිදී අදහස් දැක්වූ අස්ගිරි මහාවිහාර පාර්ශවයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන්.

නව අමාත්‍යාංශ සඳහා විෂයපථ බෙදීමේදී සිදුව ඇති මෙම තත්ත්වය හේතුවෙන් බෞද්ධ උසස් අධ්‍යාපනයට බාධා සිදුවිය හැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය සහ ශ‍්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය යළි උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය පථයට ඇතුළත් කරන ලෙසයි අස්ගිරි පාර්ශවය ජනාධිපතිවරයාගෙන් සහ අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නේ.
හේරත් ඒකනායක