Thursday, May 16, 2024

General line - 0115112241

ලබන සතියේ කැබිනට් සංශෝධනයක් ගැන එජාපයෙන් ඉඟියක්

තරංග රුක්ෂාන් ජයසේකර




ලබන සතියේ කැබිනට් සංශෝධනයක් සිදුවනු ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම පවසනවා. කැබිනට් සංශෝධනයක් සිදු වනු ඇති බවට පළවන වාර්තාවල සත්‍යතාවක් තිබේදැයි මාධ්‍යවේදීන් අද කළ විමසීමකට ප‍්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.

පාර්ලිමේන්තුවේදී අයවැය සම්මත කර ගැනීම සඳහා ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ 20කට වැඩි පිරිසක් රජයට සහය ලබා දෙන බවයි ඔහු මෙහිදි කියා සිටියේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන කොට නිල වශයෙන් දෙකඩ වෙලා පක්ෂ දෙකක තියෙනවා. එතන මන්ත්‍රිවරුන් 20 දෙනෙක් ඉදිරි මාර්තු මාසයේදී අයවැයට නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් 20 දෙනෙකුට වැඩි පිරිසක් සහය දක්වනවා. එක්සත් ජාතික පක්ෂය හෙමින් ගමනක් ආවට ඒ ආපු ගමන සාර්ථකයි කියලා අද හැමෝම දන්නවා යැයි මෙහිදී නියෝජ්‍ය අමත්‍යවරයා කියා සිටියා.

නියෝජ්‍ය අමාත්‍ය අජිත් මානන්ප්පෙරුම මෙම අදහස් පළ කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (06) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.