Thursday, May 16, 2024

General line - 0115112241

උදෑසන සහ රාති‍්‍රයේ ශීත කාලගුණය තවදුරටත්




උදෑසන සහ රාතී‍්‍ර කාලයේ තවදුරටත් ශීත කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ ඇතැම් ස්ථානවලට අලූයම් කාලයේ මල්තුහින පතිත වීමේ හැකියාවක් ද පවතින බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

වියළි කාලගුණික තත්ත්වය ද තවදුරටත් අපේක්ෂා කෙරෙනවා. මධ්‍යම සහ සබරගමුව යන පළාත්වල උදය කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක්ද බලාපොරොත්තු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ.