Wednesday, May 15, 2024

General line - 0115112241

නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් පත් කෙරේ

දිනුක් හේවාවිතාරණ




නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ මිට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙනු ලැබුවා. ඒ අනුව ඌව, සබරගමුව සහ උතුරු පළාත වෙනුවෙන් මෙම නව පත් කිරීම් සිදු කර තිබේ. 

නව ආණ්ඩුකාරවරුන් ලෙස ඌව පළාත සඳහා කිර්ති තෙන්නකෝන්, සබරගමුව පළාත සඳහා ජේෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක සහ උතුරු පළාත සඳහා ආචාර්ය සුරේන් රාගවන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

ජනාධිපතිවරයාගේ දැනුම් දීම මත මිට පෙර සියලුම ආණ්ඩුකාරවරුන් සිය ධුරයන් ගෙන් ඉල්ලා අස්වූ අතර ඉකුත් සිකුරාදා ජනාධිපතිවරයා විසින් නව ආණ්ඩුකාරවරුන් පස් දෙනෙකු පත් කරනු ලැබුවා.