Wednesday, May 15, 2024

General line - 0115112241

නව නැගෙනහිර ආණ්ඩුකාරවරයා වැඩ අරඹයි

අමදෝරු අමරජිව




පලාත් සභාවට වෙන්වි ඇති බලතල උපයෝගි කරගෙන නැගෙනහිර ජනතාවට උපරිම සේවාවක් කරන බව නැගෙනහිර නව ආණ්ඩුකාර ඒ.එම්.ඒ.එල්.හිස්බුල්ලා අද (07) ත්‍රිකුණාමලය ආණ්ඩුකාර ලෙක්ම් කාර්යාලයේදි සිය ධුරයේ රාජකාරි ආරම්භ කරමින් පැවසිය.

සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව සිය ධුරයේ රාජකාරි ආරම්භ කරමින් තවදුරටත් අදහස් දැක්වු  ආණ්ඩුකාර ඒ.එම්.ඒ.එල්.හිස්බුල්ලා, "1987 වසරේ පැවති මුල්ම උතුරු නැගෙනහිර පලාත් සභාවේ මන්ත්‍රිවරයෙකු ලෙසද මා ක්‍රියා කලා. උතුරු නැගෙනහිර වෙන් කිරිමෙන් පසු නැගෙනහිර පලාත් සභාවේ මන්ත්‍රිවරයෙකු ලෙසත් පලාත් අමාත්‍යවරයෙකු ලෙසත් කටයුතු කලා. ඒ නිසා පලාත් සභා ක්‍රමය පිළිබදව සෙසු අයට වඩා මට අත්දැකිම් තියනවා. ඉදිරියේදි සියලු ජනවර්ගවලට ජාති භේදයකින් තොරව සේවය කරන්නත් මෙහිදි බලාපොරොත්තු වෙනවා".

මෙම අවස්ථාවට සහභාගි වු නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් කේ.පි.අරුණ ජයසේරකර, 22 සේනාංකාධිපති මේජර් ජනරාල් නෙවිල් වීරසිංහ ආණ්ඩුකාරවරයා වෙත සමරු තිලිණ ප්‍රදානය කිරිමක්ද සිදු කරනු ලැබුවා. මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් අසංක අබේවර්ධන, පලාත් අමාත්‍යාංශ ලේකම් වරුද  ඇතුලු ආයතන ප්‍රධානීන්  රැසක් සහභාගි වුහ.