Wednesday, May 15, 2024

General line - 0115112241

උපරමාධිකරණ විනිසුරුවරුන් සිවුදෙනෙක් පත් කිරීමට අනුමැතිය




ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව කථානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී අද (07) රැස් වුණා. උපරිමාධිකරණ විනිසුරු ධුරයන්ගේ ඇති පුරප්පාඩු සඳහා පත් කිරීමට ජනාධිපතිවරයා විසින් යොමුකර තිබූ නිර්දේශ පිළිබඳවයි එහිදී වැඩි අවධානයක් යොමු වුණේ. 

උපරිමාධිකරණ විනිසුරු ධුර 04ක් සඳහා ජනාධිපතිවරයාගේ නිර්දේශ අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් නව පත්කිරීම් සිදු කිරීමට නියමිතව තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් 03 දෙනෙකු සහ අභියාචනාධිකරණයට එක් විනිසුරුවරයෙකු එලෙස පත් කිරීමට නියමිතයි.