Wednesday, May 15, 2024

General line - 0115112241

අස්ගිරි පාර්ශවයෙන් කළ ප්‍රකාශයට එජාපයෙන් ප්‍රතිචාර

දිල්ශාන් තුෂාර




මේ මොහොතේ අවශ්‍ය නව ව්‍යවස්ථාවක් නොව මැතිවරණයක් බවට අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන් කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් නෙත් නිවුස් එක්සත් ජාතික පක්ෂයෙන් විමසීමක් කළා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර එහිදී කියා සිටියේ මැතිවරණයක් අවශ්‍යනම් ජනාධිපතිවරණය කඩිනමින් පවත්වන ලෙස අනුනායක හිමියන්ට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ හැකි බවයි.

අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන් ඊයේ කළ ප‍්‍රකාශය ඒකාබද්ධ විපක්ෂය ද අනුමත කරන බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා පැවසුවේ.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමියන් කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක අදහස් පළ කරමින් සඳහන් කළේ එවැනි අදහසක් සඳහන් කිරීමට ස්වාමීන් වහන්සේලාට අයිතියක් ඇති බවත් එය ප්‍රතික්ෂේප කිරීමට සිය පාර්ශ්වයන්ට අයිතියක් ද ඇති බවයි. වඩාත් වැදගත් වන්නේ එවැනි ප්‍රකාශයක් රාජපක්ෂ පාර්ශ්වයෙන් සඳහන් කරන්නට පෙර ප්‍රකාශ වූවානම් බවයි වැඩි දුරටත් සඳහන් කෙරුණේ..