Wednesday, May 15, 2024

General line - 0115112241

40 වසරකට පසු මෙරට රාජ්‍ය නායකයෙක් පිලිපීනයේ නිල සංචාරයක

දිනුක් හේවාවිතාරණ




2019 වසරේ සිය පළමු නිල සංචාරය ආරම්භ කරමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පිලිපීනයේ නිල සංචාරයකට එක්විමට නියමිතය. පිලිපීන ජනපති රොඩ්‍රිගෝ ඩුටාර්තේගේ ආරාධනාවක් අනුව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පිලිපීනයේ සංචාරය කරන බවට එරට රජය නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

ජනවාරි 15 දා සිට ජනවාරි 19 දා දක්වා ජනපතිවරයා සිය පිලිපීන සංචාරය සිදුකිරිමට නියමිතයි. මේ වසරේදී රාජ්‍ය නායකයෙක් පිලිපීනයේ සිදුකරනු ලබන පළමු සංචාරයද මෙය වෙයි.

පිලිපීන රජය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ දෙරටේ රාජ්‍ය නායකයන් අතර දේශපාලන, ආර්ථික, සංස්කෘතික යන ක්ෂේත්‍ර කිහිපයකම සාකච්ඡා පැවැත්වෙනු ඇති බවයි.

ජනපතිවරයාගේ මෙම සංචාරය තුළදී පිලිපීනයේ මැනිලා නුවර පවතින ආසියානු සංවර්ධන බැංකුවේ මූලස්ථානය හා ලොස් බැනෝස්හි පවතින ජත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේද සංචාරයකට එක්වීමට නියමිතය.

1978 වසරෙන් පසුව ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙක් පිලිපීනයේ සංචාරයකට එක්වන පළමු අවස්ථාව මෙය වෙයි.