Wednesday, May 15, 2024

General line - 0115112241

ලාංකික ජනතාවට ඊ-හෙල්ත් කාඩ්පතක්




ශ්‍රී ලංකාවේ මිලියන 21 ක ජනතාවට ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරීම පෙබරවාරි මාසයේ දී ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ප්‍රකාශ කර සිටියි.

කළුතර මහ රෝහල, බණ්ඩාරගම දිසා රෝහල කේන්ද්‍ර කර ගනිමින් මූලික අදියරේ ඊ-හෙල්ත් කාඩ්පත් නිකුත් කිරිම ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ. ඒ අනුව මාස 06 ක කාලයක් තුළ ඊ-හෙල්ත් කාඩ්පත ජනතාවට ලබාදීමට නියමිතය. 

ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ ජනතාවට ඊ-හෙල්ත් කාඩ්පත ලබාදුන් සමාගම විසින් මෙම වැඩපිළිවෙල ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරිම තුලින් කිසියම් රෝගියෙකුගේ සම්පුර්ණ රෝගී වාර්තා ඊට ඇතුලත් කර තිබීම නිසා ඕනෑම ප්‍රදේශයක වෛද්‍යවරයෙකුට කඩිනමින් ප්‍රතිකාර කිරිමට හැකියාව ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටිනවා.

ඊ-හෙල්ත් කාඩ්පත ශ්‍රී ලංකාවට හදුන්වාදීම 2018 වසරේ අප්‍රේල් මස 07 දින පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ 71 වන සංවත්සර උළෙලේ දී සිදු කෙරුනු අතර එය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම්පොකුණ රඟහලේ දී පැවැත්විය. 

නව තාක්ෂණය හදුන්වාදීම තුලින් ජනතාවට කඩිනමින් සේවා කටයුතු සිදු කිරීමට හැකියාව ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.