Wednesday, May 15, 2024

General line - 0115112241

උතුරේ මුහුදේ ඉන්දීය යාත්‍රා 02ක් අනතුරට ලක්වේ : එක් අයෙක් මරුට




ශ්‍රී ලංකා මුහුදු තිරයට අනවසරයෙන් ඇතුල් වී මසුන් ඇල්ලීම සඳහා පැමිණි ඉන්දීය ධිවර යාත්‍රා දෙකක් ඩෙල්ෆ්ට් දුපත ආසනන්යේදී අනතුරට ලක්වී ඇති බව නාවික හමුදාව පවසනවා. මෙහිදී මියගිය එක් ඉන්දීය ජාතික ධිව්රයෙකුගේ සිරුරක් නාවික හමුදාව විසින් සොයා ගෙන ඇති අතර තවත් පුද්ගලයින් 08 දෙනෙක් බේරා ගැනීමට සමත්ව තිබෙනවා. 

මෙලෙස මියගොස් ඇත්තේ ඉන්දියාවේ, රාමනාදපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන කරුප්පයියා මුන්නසාමි නැමැති 55 වියැති පුද්ගලයෙකු බවට තහවුරු කරගෙන ඇත්තේ. මුහුදේ පැවති රළු ස්වභාවය හේතුවෙන් ඉන්දීය ධීවර යාත්‍රා 02 ක් එකිනෙක ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. 

මේ අතර ඊයේ (12) රාත්‍රියේදී ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ඉන්දියානු ධීවර යාත්‍රා 500 කට අධික ප්‍රමාණයක් ඩෙල්ෆ්ට් දූපතට ආසන්න ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමේ නිරත වෙමින් සිටි බව නාවික හමුදාව පවසනවා. 

 නාවික හමුදාව විසින් සිදුකළ මෙහෙයුමකදී යාපනය ඩෙල්ෆ්ට් දුපත සහ තලෙයිමන්නාරම මුහුදු තිරයේදී නිතිවිරෝධිව මෙරටට ඇතුල්වී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධිවර යාත්‍රා 03 ක් සහ ධීවරයින් 20 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.