Wednesday, May 15, 2024

General line - 0115112241

නව ව්‍යවස්ථාවක් සකස් කර නැහැ - ජවිපෙ කියයි

ලහිරු කපුගේ




විවිධ මතභේදාත්මක ප‍්‍රකාශ නිකුත් වුවද කිසිදු නව ව්‍යවස්ථාවක් මේ දක්වා සකස් කර නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මේ බව ප‍්‍රකාශ කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදීයි. 

මහ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීන් විජිත හේරත් මන්ත‍්‍රීවරයාගෙන් ප‍්‍රශ්න කළා. 

1978 සකස් කෙරුණු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වර්තමානයට නොගැළපෙන බැවින් නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව පවතින බවද මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.