Wednesday, May 15, 2024

General line - 0115112241

රට ඉදිරියට ගෙනියන්න ලාංකිකයින් ලෙස කටයුතු කළ යුතුයි - ගෝඨාභය රාජපක්ෂ

හේමන්ත කහවලගේ / අරුණ බෝධිමාන / නිහාල්සිරි ගම්ලත්




නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මේ දිනවල පවතින්නේ දැඩි කතා බහක්. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වියත්මග සම්මන්ත‍්‍රණයකට එක්වෙමින් පැවසුව් ව්‍යවස්ථාවක් ගෙන ඒමට පෙර සිදු කළ යුතු තවත් කටයුතු ඇති බවයි.

මෙහිදී අදහස් දැක්වූ හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙසේ කියා සිටියා, 

" අද බොහෝ වෙලාවට කතිකාවතක් ඇති වෙලා තියෙනවා අළුත් ව්‍යවස්ථාවක් හරහා මේ රට පිලිබදව විවිධ අදහස් පළ වෙනවා. මේ කාරණය ජනතාව අතර තේරුම් කරන්න නම් අපි ජනතාව ඒ අවශ්‍ය තැනට ගෙනියන්න ඕනේ. අපිට මේ ව්‍යවස්ථාවක් මේ රට කඩනවා කියලා කිව්වට මම හිතන්නේ එකට රටේ ජනතාවට ලොකු බලපෑමක් එල්ල කරන්න පුළුවන් කියලා. ඊට ඉස්සෙල්ලා ජනතාව ජාතිකත්වය හරහා ශ්‍රී ලාංකිකයෙක් බව හදුනා ගැනීමේ සිතුවිල්ල ඔවුන් අතරට ගෙනියන්න අවශ්‍යයි."

රට ඉදිරියට ගෙන යාමට නම් ශ‍්‍රී ලාංකිකයින් ලෙස කටයුතු කළ යුතු බවයි හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ. 

නව ව්‍යවස්ථාවෙන් රට බෙදීමට කිසිදු ඉඩක් නොදෙන බව අමාත්‍ය අර්ජුන රණතුංග ප‍්‍රකාශ කළා. 

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන ද නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. 

කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති, අමාත්‍ය කබීර් හෂීම් නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්. 

නව ව්‍යවස්ථා යෝජනා සම්බන්ධයෙන් ගැටළු ඇත්නම් ඒවා විස`දාගැනීමට ද ඉඩකඩ ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

අමාත්‍ය කබීර් හෂීම් මෙම අදහස් පළ කළේ රුවන්වැල්ලේ අද (13) පැවති ජන හමුවකට එක්වෙමින්.