Wednesday, May 15, 2024

General line - 0115112241

ගෝඨාභයත් ජනාධිපතිවරණයට සූදානම්

හේමන්ත කහවලගේ /තරංග රුක්ෂාන් ජයසේකර




ජනාධිපතිවරණය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අදහස් පළ කළා. ඒ, ජනතාව ඒ සඳහා සූදානම් නම්, තමාද ඊට සූදානම් බව පවසමින්. 

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙම අදහස් පළ කළේ 2019 වසරේ පළමු වියත්මග සම්මන්ත‍්‍රණය අමතමින්. 

මේ අතර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද අදහස් පළ කළා. ඒ, කඩවත අද (13) පැවති ජන හමුවකදීයි. 

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.