Wednesday, May 15, 2024

General line - 0115112241

සුන්දරත්වයේ සංකේතයක් වූ ‘‘දළ කොටා’’ ඝාතනය කරයි

හේමන්ත කහවලගේ/ ලහිරු කපුගේ




දළ ලබා ගැනීමේ අරමුණින් තවත් දළ ඇතෙකු ඝාතනය කළ පුවතක් දිඹුලාගලින් වාර්තා වනවා. මෙලෙස ඝාතනය කර ඇත්තේ දිඹුලාගල වෙහෙරගල රක්ෂිතයේ සිටි ‘‘දළ කොටා’’ නම් හස්තියායි.

පරිසරවේදීන් පවසන්නේ වෙහෙරගල දළ කොටා නම් වූ මෙම හස්තියා වෙහෙරගල රක්ෂිතයේ සුන්දරත්වයේ සංකේතයක් වූ බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සුරකිමු ශ‍්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් පැවසුවේ රජයේ රක්ෂිතවල ජීවත් වන දළ ඇතුන් මෙලෙස දිගින් දිගටම ඝාතනයට ලක්වීම වැළැක්වීමට කඩිනම් පියවර ගත යුතු බවයි. 

මේ අතර සිංහරාජ වනාන්තරයේ ජීවත් වන, වනඅලින් දෙදෙනාගෙන් එක් වන අලියෙකු අතුරුදන්ව ඇති බවට ද ඉකුත් දිනවල වාර්තා පළ වුණා. ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක‍්‍රියාත්මකයි.