Tuesday, May 14, 2024

General line - 0115112241

"වඩාත් සුදුසු 'ඔරුමිත්තනාඩු' වචනයයි" - දමිළ විද්වතෙකුගෙන් ප්‍රකාශයක්

තරංග රුක්ෂාන්/ ලහිරු කපුගේ




මේ දිනවල වැඩි වශයෙන් කතා බහට ලක්වන වචනය බවට ‘‘ ඔරුමිත්තනාඩු’’ යන වචනය පත්ව තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ යෝජිත නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මතුව ඇති කතාබහයි.

අදාළ වචනය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව දරන්නේ විවිධ අදහස්.

එක්සත් ජාතික පක්ෂය ද ඉකුත් සති අන්තයේදී පළ කළේ නව ව්‍යවස්ථා යෝජනාවේ පළමු වගන්තියේ ඇතුළත් 'ඔරුමිත්තනාඩු' යන වචනය සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය බවයි. මෙම වචනය පිළිබඳ ඇතමුන් වැරදි අර්ථ කථනයන් සිදු කරමින් ඇති බවද අමාත්‍ය මනෝ ගනේෂන් ද ඊයේ (13) ප‍්‍රකාශ කළා.

එබැවින් සමාජයේ මේ වනවිට දැඩි කතාබහකට ලක්ව ඇති 'ඔරුමිත්තනාඩු' යන වචනයේ සැබෑ අර්ථය කුමක්දැයි දමිළ විද්වතෙකුගෙන් නෙත් නිවුස් විමසා සිටියා.

කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගනේෂ මූර්ති සඳහන් කළේ "ඒකීය රාජ්‍ය කියන වචනයට වඩාත්ම සුදුසු සහ ඊට වඩාත් කිට්ටුවෙන් යන වචනය තමයි ‘‘ ඔරුමිත්තනාඩු’’ කියන දෙමළ වචනය. මගේ දැනුම අනුව මේක තමයි සුදුසු වචනය." බවයි. 

ඔරුමිත්තනාඩු සහ ෆෙඩරල් අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

නව ව්‍යවස්ථා යෝජනාවලියේ ඇතුළත් ඇතැම් වචන සම්බන්ධයෙන් ගැටළුවක් ඇත්නම් සාකච්ඡා කර එය වෙනස් කරගත හැකි බවයි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ මහජන අදහස් ලබා ගැනීමේ කමිටුව ද ප‍්‍රකාශ කළේ.