Tuesday, May 14, 2024

General line - 0115112241

ජනාධිපතිවරණයකින් බලය ගන්න එජාපය සැළසුම් කරයි




ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව ඇත්තේ බොහෝ දුරට ජනාධිපතිවරණයක් බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

එක්සත් ජාතික පක්ෂ නිකවැරටිය ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ එම ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන බවට  සියයට පන්සියයක විශ්වාසයක් ඇති බවයි.

වර්තමානයේ ඇති කකුල් මාට්ටු වැඩපිළිවෙල  වෙනුවට ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කරමින් වසර දහයක ශක්තිමත් ආණ්ඩුවක් පිහිටවීමේ ශක්තිය එක්සත් ජාතික පෙරමුණට ඇති බවයි  එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පෙන්වා දුන්නේ.

පුළුල් සංවිධානයකින් එම බලය ලබා ගන්නා බවයි මහ ලේකම්වරයා නිකවැරටිය ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් වැඩිදුරටත් සඳහන් කළේ.