Tuesday, May 14, 2024

General line - 0115112241

සඟවා තිබූ මුහුදු කූඩැල්ලන් කිලෝ 302ක් මන්නාරමෙන් අල්ලයි

කසුන් කැලුම්




සඟවා තිබූ මුහුදු කූඩැල්ලන් කිලෝග‍්‍රෑම් 302ක් මන්නාරම වෙරළ තීරයේ දී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඩිංගි යාත‍්‍රාවක තිබී සොයා ගත් මෙම මුහුදු කූඩැල්ලන් මලූ 12ක අසුරා තිබූ බවයි නාවික හමුදාව ප‍්‍රකාශ කළේ. 

ඊට සම්බන්ධ කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. මෙම මුහදු කූඩැල්ලන් තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාරදී තිබෙනවා.