Thursday, May 16, 2024

General line - 0115112241

හැටන් නගරයේ වෙළදුන් සහ මහජන සෞඛ්‍ය නිිළධාරීන් අතර උණුසුම් තත්ත්වයක්

රංජිත් රාජපක්ෂ - හැටන්




හැටන් නගරයේ වෙළඳුන් සහ හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අතර අද උණුසුම් තත්ත්වයක් හට ගත්තා. ඒ, හැටන් නගරයේ අනවසර වෙළඳසැල් ඉවත් කිරීමට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් කි‍්‍රයාකිරීමත් සමගයි.

හෙටට (15) යෙදෙන තෛපොංගල් දිනය නිමිත්තෙන් ඊට අවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට වතුකරයේ ජනතාව අද දිනයේ වැඩිවශයෙන් හැටන් නගරයට පැමිණියා. මෙම උණුසුම් තත්ත්වය පාලනය කිරීමට හැටන් පොලීසියේ නිලධාරීන් ද පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.