Wednesday, May 15, 2024

General line - 0115112241

දයාගේ අමාත්‍යධූරයට තවත් විෂයක් එක් කරයි

කසුන් කැලුම්




සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේට ප‍්‍රාථමික කර්මාන්ත විෂය ද ලබා දී තිබෙනවා. දයා ගමගේට මීට පෙර කම්කරු වෘත්තීය සමිති සබඳතා විෂය ද ලබා දී තිබුණා.

පසුව එම විෂය දයා ගමගේ අමාත්‍යවරයාගෙන් ඉවත් කර කම්කරු හා වෘත්තීය සමිති කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස රවීන්ද්‍ර සමරවීර පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තා. කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙස දයා ගමගේ කටයුතු කරනවා.