Sunday, May 19, 2024

General line - 0115112241

සීනි ප‍්‍රතිශතය මත රස කැවිළිවලටත් බදු අය කිරීමට සුව ඇමති සැරසෙයි

සමන්ත කුමාර




පැණි බීමවල අඩංගු සීනි ප‍්‍රතිශතය මත අයකළ බදු ඉදිරියේදී රස කැවිළිවලටද පනවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. කොළඹ නෙළුම් පොකුණ රගහලේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියාසිටියේ බෝ නොවන රෝග වැළැක්වීමේ කි‍්‍රයාමාර්ගයක් ලෙස එය කි‍්‍රයාත්මක කරන බවයි.

පැණි බීමවල අඩංගු සීනි ප‍්‍රතිශතය මත බදු අය කිරීමට රජය දැනටමත් කි‍්‍රයා කර තිබෙනවා. ඉදිරියේදී ආහාර නිෂ්පාදනවල අඩංගු ලූණු සහ තෙල් ප‍්‍රතිශතය අනුව බදු පැනවීමටද අවශ්‍ය කිි‍්‍රයාමාර්ග ගන්නා බවයි අමාත්‍යවරයා කියාසිටියේ. මීට දශකයට පෙර මෙරට පුද්ගලයන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට පමණක් දියවැඩියාව වැළදීමේ තත්ත්වයක් පැවතියද අද වනවිට එය මෙරට පුද්ගලයන් තුන්දෙනෙකුගෙන් එක් අයෙකු දක්වා වර්ධනය වී ඇති බවද අමාත්‍ය රාජිත සේනාරත්න වැඩිදුරටත් පෙන්වා දුන්නා.