Sunday, May 19, 2024

General line - 0115112241

බන්ධනාගාර වීඩියෝව පිටවූ හැටි හෙළිවෙයි

නිශාන් ද සිල්වා




අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට පහරදීමේ වීඩියෝව බාහිර පාර්ශ්වයකට ලබාදුන් නිලධාරියා කවුරුන් දැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව අනාවරණ කර ගෙන ඇතැයි වාර්තා වනවා.

එම වීඩියෝව බාහිර පාර්ශ්වයකට ලබාදී ඇත්තේ අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ සි. සී. ටී. වී. නැරඹුම් අංශයේ රාජකාරී කළ බන්ධනාගාර නියාමකයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

අදාළ නිලධාරියා එම වීඩියෝ පටය බාහිර පාර්ශ්වයකට ලබාදී ඇත්තේ රුපියල් ලක්‍ෂයකට අධික මුදලකට බවද තොරතුරු හෙළිව ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණ කළා.

අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන් දෙපිරිසක් අතර එම ගැටුම හටගෙන තිබුණේ ඉකුත් නොවැම්බර් මස 22 වැනිදායි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කමිටුවක් පත් කෙරුණු අතර එම කමිටුවේ වාර්තාව හෙට (21) දිනයේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා මගින් අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල වෙත භාරදීමට නියමිතයි.