Sunday, May 19, 2024

General line - 0115112241

ජනපති යළි දිවයිනට පැමිණේ

ටී.කේ.ජී කපිල - කටුනායක




සිය පිලිපීන සංචාරය නිමා කරමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (19) රාති‍්‍රයේ යළි දිවයිනට පැමිණියා.

සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකින් ඊයේ රාති‍්‍ර 11.40 ට පමණ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණි බවයි නෙත් නිවුස් ගුවන් තොටුපොල වාර්තාකරු පැවසුවේ.

මෙම සංචාරයේදී දෙරටට වැදගත් වන ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීම සිදු කෙරුණා.

මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට පිලිපීනයේ විශේෂඥ සහාය ලබාගැනීමටද ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේදී හැකියාව ලැබුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.