Sunday, May 19, 2024

General line - 0115112241

සේනා දළඹුවන් මර්දනය කරන හැටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි

දිල්ශාන් තුෂාර




සේනා දළඹුවන් මර්දනය කිරීම සඳහා මීළග යල කන්නය තෙක් බඩඉරිගු වගා කිරීමෙන් වළකින ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවීන්ගෙන් ඉල්ලා සිටිනවා.

එහි අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. වීරකෝන් පැවසුවේ මෙම දළඹු විශේෂය ශී‍්‍ර ලංකාවට ආනයනය කළ බඩඉරිගු බීජවලින් පැමිණි බවට එල්ල වන චෝදනා පිළිගත නොහැකි බවයි. 

එහිදී "මේ වන විට මේ සතා ලෝකේ හැම රටකින්ම වගේ වාර්තා වෙලා තියෙනවා. ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයෙන් තමයි මුලින්ම හඳුනාගෙන තියෙන්නේ.. මාස දෙකක් ඇතුළත මුළු ඉන්දියාවෙම පැතිරිලා. සුළඟින් තමයි මේ සත්තු ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. මේ සතාගේ ප්‍රජනන කාලසීමාවත් සමග සලකලා බැලුවාම.. සතා මර්දනය කරන්න නම් බඩඉරිගු අවාරේ වගා කරන්නේ නැතුව.. හරි කන්නයට වගා කලානම් හරි කියලා කියන්න පුළුවන්. " යනුවෙන් සඳහන් කළා.

නිර්දේශිත කෘමි නාශක වාර කිහිපයක් යෙදීමෙන් සේනා දළඹුවන් මර්දනය කිරීමට හැකි බවද කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.