Monday, May 13, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිළේ ආබාධ වැඩිවෙයි

කසුන් කැළුම්




ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය සඳහා ශ‍්‍රි ලංකා වේගපන්දු යවන කී‍්‍රඩක ලහිරු කුමාරගේ සහභාගීත්වය අවිනිශ්චිත වී තිබෙනවා.

ඒ, ඔහු පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන්.

බි‍්‍රස්බේන්හි ගැබා කී‍්‍රඩාංගනයේ පැවැති පළමු ටෙස්ට් තරගයේදී ඔහු මෙලෙස ආබාධයකට ලක් වුණා. මේ හේතුවෙන් ලහිරු කුමාර, ශ‍්‍රී  ලංකා දෙවෙනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීම සඳහා ද පිටියට පිවිසියේ නැහැ.

කෙසේවෙතත් ඔහු ස්කෑන් පරීක්ෂණයකට යොමු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. මීට පෙර ඕස්ටේ‍්‍රලියානු තරග සංචාරයට එක්ව සිටි නුවන් ප‍්‍රදීප් ද පාදයේ ආබාධයක් හේතුවෙන් යළි ශ‍්‍රී ලංකාවට ගෙන්වනු ලැබුවා. ඔහු වෙනුවට පසුව කැඳවූයේ විශ්ව ප‍්‍රනාන්දුයි. පාදයේ ආබාධයක් හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස්ට ද ඕස්ටේ‍්‍රලියාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට එක්වීමට හැකියාව ලැබුණේ නැහැ.

මේ අතර දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගය දින 3ක් තුළ නිමා වූ අතර ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම එම තරගය ජය ගත්තේ ඉනිමකින් සහ ලකුණු 40කින්. ශී‍්‍ර ලංකා කණ්ඩායම දිගින් දිගටම දක්වන දුර්වල කී‍්‍රඩා විලාශය පිළිබඳ කි‍්‍රඩා ලෝලීන් අදහස් දක්වමින් නෙත් ස්පෝර්ට්ස්මන් වෙත සඳහන් කළේ කළමනාකාරීත්වයේ දුර්වලතා සහ ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විලාසයේ අඩුපාඩු හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි.

ඕස්ටේ‍්‍රලියා - ශී‍්‍ර ලංකා දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය ලබන පෙබරවාරි මස 01 වැනිදා කැන්බරා හිදි ආරම්භ වීමට නියමිතයි.