Monday, May 13, 2024

General line - 0115112241

සචින් සහ අෆ්රිඩි හිමිකම් කියූ ලෝක වාර්තාව බිඳ දැමු නේපාලයේ පිතිකරුවා

දිනුක් හේවාවිතාරණ




ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ (පිරිමි) අර්ධ ශතකයක් වාර්තාකල ලොව ලාබාලතම පිතිකරුවා විමේ භාග්‍යට හිමිකම් කීමට නේපාලයේ රෝහිට් පෝඩෙල් ඊයේ (26) සමත් වුවා. ඒ එක්සත් අරාබි එමිර් රාජ්‍ය පිල සමග පැවති එක්දින තරගයේදි පන්දු 58 කදි ලකුණු 55ක් රැස් කර ගනිමින්.

රෝහිට් පෝඩෙල් ඊයේ දිනයේදි සිය අර්ධ ශතකය වාර්තා කරන විට ඔහුගේ වයස වුයේ අවුරුදු 16 දින 146ක් ලෙසයි.

මිට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ අඩුම වයසින් අර්ධ ශතකයක් රැස් කිරීමේ වාර්තාවට හිමිකම් කිවේ ඉන්දියාවෙන් බිහිවු ලොව සුපිරිතම පිතිකරුවෙක් වන සච්න් තෙන්ඩුල්කාර්ය. ටෙස්ට් තරගයකදි සිය පලමු අර්ධ ශතකය රැස් කරන විට ඔහුගේ වයස වුයේ අවුරුදු 16 දින 213ක් ලෙසයි. 

එක්දින තරග ඉතිහාසයේ එම වාර්තාවට හිම්කම් කියනු ලැබුවේ පාකිස්ථානයේ සහීඩ් අෆ්රිඩිය. අෆ්රිඩි සිය මංගල එක්දින තරගයේදි ශ්‍රි ලංකාවට එරෙහිව පන්දු 37කදි වේගවත් ශතකක් රැස් කරන විට ඔහුගේ වයස අවුරුදු 16 දින 217ක් සම්පුර්ණ වි තිබුනා.

කෙසේ වුවත් කාන්තා හෝ පිරිමි සමස්ත ක්‍රිකට් ඉතිහාසයේ අඩුම වයසකින් අර්ධ ශතකයක් රැස් කිරීමේ වාර්තාවට හිමිකම් කීමේ අවස්ථාව රෝහිත් පෝඩෙල්ට හිමි නොවන්නේ දකුණු අප්‍රිකානු ක්‍රීඩිකා ජොහරි ලෝටන්බර්ග් අවුරුදු 14 දී ටෙස්ට් හා එක්දින තරගයන් හිදී අර්ධ ශතක රැස් කිරීම හේතුවෙන්.

එක්සත් අරාබි එමීර් රාජ්‍යත් සමග ඊයේ පැවති තරගයෙන් නේපාල කණ්ඩායම ලකුණු 145ක දැවැන්ත ජයක් ලබා ගැනීමට සමත් විය. මුලින්ම පන්දුවට පහර දුන් නේපාල කණ්ඩායම සිය පන්දු වාර 50 දී කඩුලු 9ක් දැවී ලකුණු 242ක් රැස් කර ගනු ලැබුවා. පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ එක්සත් අරාබි එමීර් කණ්ඩායමට පන්දු වාර 19.3ක් තුලදී සියලු දෙනා දැවී ගොස් රැස් කර ගැනීමට හැකිවුයේ ලකුණු 97ක් පමණි.