Wednesday, May 22, 2024

General line - 0115112241

මරණ දඬුවමට එරෙහි වාස් ගුණවර්ධන ගොනු කළ පෙත්සම කැඳවීම මාර්තු 12දා

අධිකරණ වාර්තාකරු




මරණ දඬුවම නියම වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිදු ගුණවර්ධන ඇතුලූ 6 දෙනෙකු එම නියෝගය අභියෝගයට ලක් කරමින් ගොනු කළ අභියාචන පෙත්සම මාර්තු මස 12 දා කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) නියෝග කළා.

එහිදී මෙම නඩුවට අදාල මහාධිකරණ නඩු විභාගයේ ලේඛන ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එය නිවැරදිව අංකනය වී ඇද්දැයි සොයා බැලීමට එය මාර්තු 12 දා කැදවීමටයි නියෝග කර ඇත්තේ. මේ අතර වාස් ගුණවර්ධනට එරෙහිව පවතින නඩුවක ලේඛන ලබා ගැනීමට මහර මහෙස්ත‍්‍රාත් අධිකරණයේ රෙජිස්ට‍්‍රාර්වරයාට මීලඟ දින අධිකරණයේ පෙනී සිටීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

2013 වර්ෂයේ මැයි මස 22 දා කෝටිපති ව්‍යාපාරිකයකු වු මොහොමඞ් සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයෙන් ඔවුන්ට මරණ දඬුවම නියම කෙරුණා.