Tuesday, May 21, 2024

General line - 0115112241

විදුලි සෝපානය නතරවීමෙන් මැතිසබය රස සාගරයක් වෙයි

සමන්ත කුමාර/තරංග රුක්ෂාන්




ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) කළ විවේචනවලට කථානායකවරයා අද (07) ප‍්‍රතිචාර දැක්වීමත් සමග සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

එහිදී කතානායක කරූ ජයසූරිය, විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර සහ සභා නායක අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල අදහස් පළ කළ අතර ඊට චන්දිම වීරක්කොඩි හා බන්දුල ගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ද මැදිහත් වුණා.

අද දිනයේ වැඩි වශයෙන් කතාබහට ලක් වූ මාතෘකාවක් වූයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලි සෝපානය තුළ මන්තී‍්‍රවරුන් පිරිසක් විනාඩි 15 කට ආසන්න කාලයක් සිරවීමේ සිද්ධියයි.

මේ, විමල් වීරවංශ හා දිනේෂ් ගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ඒ සම්බන්ධයෙන් පළ කළ අදහස්.



විදුලි සෝපානයේ අද ඇති වූ ගැටළුව සම්බන්ධයෙන් ආණ්ඩු පක්‍ෂයද ප‍්‍රතිචාර දැක්වුවා. මේ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ, කතානායක කරූ ජයසූරිය සහ අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල අතර ඇති වූ සංවාදයයි.

මේ අතර ආනයනික කිරිපිිටිවල ප‍්‍රගතිය සම්බන්ධයෙන්ද අද දිනයේ කතාබහට ලක් වුණා. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න එහිදි අදහස් දක්වන අවස්ථාවේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසාද ඊට මැදිහත් වුණා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ සහ අමාත්‍ය රාජිත සේනාරත්න අතර පසුව මෙවන් සංවාදයක් ඇති වුණා.

පාර්ලිමේන්තුව යළි හෙට රැස්වීමට නියමිතයි.