Tuesday, May 21, 2024

General line - 0115112241

මදූෂ් ලංකාවට ගෙන ඒමට නීතිමය ගැටලුවක් - මදූෂ් ඩුබායි පැන ඇත්තේ ඒ බව දැන දැනමයි

හේමන්ත කහවලගේ




සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකදුරේ මදූෂ් මෙරටට ගෙනඒම සම්බන්ධයෙන් නීතිමය බාධාවක් මතුව ඇතැයි වාර්තා වනවා.

ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ශී‍්‍ර ලංකාව අතර අපරාධකරුවන් හුවමාරු කර ගැනීමට අදාළ ගිවිසුමක් නොමැති බැවිනි. ඒ අනුව දැඩි රාජ්‍ය තාන්ති‍්‍රක මැදිහත්වීමකින් තොරව මාකදුරේ මදූෂ් ඇතුළු පිරිස මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වනු ඇති බව නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුණා.

විදෙස් රටකදී අත්අඩංගුවට ගන්නා කිසියම් හෝ අපරාධකරුවෙකු ශී‍්‍ර ලංකාවට ලබාගැනීමේදී දෙරට අතර අපරාධකරුවන් හුවමාරු කර ගැනීමේ ගිවිසුමකට අත්සන් කර තිබීම වැදගත් කරුණක්. එහෙත් ශී‍්‍ර ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර එවැනි ගිවිසුමකට මෙතෙක් එළඹ නැහැ. කෙසේ වෙතත් 2008, 2009 කාලවකවානුවේදී අපරාධකරුවන් හුවමාරු කර ගැනීමට අදාළ ගිවිසුමකට එළඹීමට ශී‍්‍ර ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කටයුතු කරමින් තිබුණා. ඒ, ජානක පි‍්‍රයන්ත බණ්ඩාර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා ලෙස කටයුතු කරන සමයේයි. 

එවකට ජනාධිපති වූ මහින්ද රාජපක්‍ෂ මහතාගේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංචාරයක් පදනම් කර ගනිමින් අත්සන් කිරීමට නියමිතව තිබූ ගිවිසුමක මෙම කරුණු ඇතුළත්ව තිබුණා. අපරාධකරුවන් හුවමාරු කර ගැනීමට අමතරව අබුඩාබි තානාපති කාර්යාලයට හා අබෙල් අලි ප‍්‍රදේශයේ ජීවත් වන බෞද්ධ ජනතාව වෙනුවෙන් පන්සලක් ඉදිකිරීමට නිශ්චිත භූමියක් ලබාගැනීම යන කරුණුද ඔන් අරයිවල් වීසා ක‍්‍රමයක් පිළිබදවද එහි සදහන්ව තිබූ බවත් වාර්තා වෙනවා.

කෙසේ වෙතත් අදාළ සංචාරය සිදු නොවීමත් සමග එම ගිවිසුමට අත්සන් තැබුණේ නැහැ. එහෙත් එවකට විදේශ කටයුතු අමාත්‍යාංශයේ බලධාරීන් අපරාධකරුවන් හුවමාරු කර ගැනීමට අදාළ වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කිරීම සිදු නොකළ බව වැඩිදුරටත් වාර්තා වනවා. එබැවින් අදටත් ඩුබායිහි සිටින අපරාධකරුවෙකු ශී‍්‍ර ලංකාවට ලබාගැනීමට නොහැකි වී තිබෙනවා. මෙම තත්ත්වයෙන් උපරිම ප‍්‍රයෝජනයගත් මෙරට අපරාධකරුවන් බොහෝ දෙනෙකු සැගවී සිටීමට සුදුසු ස්ථානයක් ලෙස කලක පටන් තෝරාගෙන ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.