Tuesday, May 21, 2024

General line - 0115112241

මදූෂ් සමග කොටුවූ විශේෂ ගමන් බලපතක් හිමි රාජතාන්ත්‍රිකයා කවුද ?




මාකදුරේ මදූෂ් සමග අත්අඩංගුවට ගත් පිරිස අතර රාජ්‍ය තාන්ති‍්‍රක ගමන් බලපත‍්‍රයක් හිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබීම ආන්දෝලනයට ලක්ව තිබේ. මෙලෙස මදූෂ් සමග අත්අඩංගුවට පත්වූ රාජ්‍ය තාන්ති‍්‍රක ගමන් බලපත‍්‍රයක් හිමි පුද්ගලයා කවුරුන් දැයි මෙතෙක් අනාවරණ වී නැහැ. විපක්‍ෂයේ දේශපාලනඥයින් පවසන්නේ මෙම පුද්ගලයා කවුරුන්ද යන වග ආණ්ඩුව වහා රටට හෙළි කළ යුතු බවයි. කෙසේ වෙතත් රජය විසින් මෙම රාජ්‍ය තාන්ත්‍රීක විදෙස් ගමන් බලපතක් තිබෙන පුද්ගලයා තවමත් හෙළිකර නැහැ.

මේ වනවිට රටේ මතුව ඇති කතාබහත් සමග රාජ්‍ය තාන්ති‍්‍රක ගමන් බලපත‍්‍රයක් ලබාගත හැකි පුද්ගලයින් සම්බන්ධයෙන් නෙත් නිවුස් සොයා බැලීමක් කළා. ඒ අනුව අනාවරණ කර ගැනීමට හැකි වුයේ මෙරට ප‍්‍රධාන පෙළේ තනතුරුවලට අදාළ කාණ්ඩ 29 ක් වෙනුවෙන් එවැනි බලපත‍්‍ර නිකුත් කිරිමට හැකි බවයි. ඒ අතරට ජනාධිපතිවරයා, අගමැතිවරයා, හිටපු ජනාධිපතිවරුන්, අගමැතිවරුන්, මෙන්ම කතානායකවරයා, අගවිනිසුරුවරයා, අමාත්‍යවරුන් සහ ඔවුන්ගේ සමීප පවුලේ ඥාතීන්ද ඒ අතරට අයත්.

විදේශ දූත මණ්ඩල සදහා අමාත්‍ය මණ්ඩලය තීරණය කරන නිලධාරීන්, පළාත් ආණ්ඩුකාරවරුන්, ප‍්‍රධාන අමාත්‍යවරුන්, නියෝජ්‍ය හා කැබිනට් නොවන අමාත්‍යවරුන්, කොමිෂන් සභාවල සාමාජිකයින්ටද රාජ්‍ය තාන්ති‍්‍රක ගමන් බලපත‍්‍ර නිකුත් කරනවා. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්, පළාත් සභා සභාපතිවරුන්, අමාත්‍යවරුන්ට මෙන්ම ඔවුන්ගේ බිරින්දෑවරුන්ද අදාළ ලැයිස්තුවට අයත්.
 
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලනඥයින් සිටින බව රටම දන්නා බව මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන ප‍්‍රකාශ කළා.