Wednesday, May 15, 2024

General line - 0115112241

අනාගත නායකයන් බිහි කරන යූ ආර් අ ලීඩර් ගම්පහ රත්නවලියට

ඩිල්ෂාන් මඩවල/ලහිරු කපුගේ




නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු සහ පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ 37 වන අදියරේ දෙවන දිනය අදයි. මෙවර  එම වැඩසටහන පැවැත්වෙන්නේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේදියි. 

එම විද්‍යාලයේ සිසුවියන්ගේ පද්‍ය ගායනා, හඩ කැවීම් සහ ප‍්‍රවෘත්ති නිවේදන හැකියා පිළිබද වැඩසටහනක්ද ඊයේ පැවැත්වුණා. මේ, සිය ප‍්‍රවෘත්ති නිවේදන හැකියාවන් ඉදිරිපත් කළ සිසුවියන් කිහිප දෙනෙක්.

 

මෙම වැඩසටහන පිළිබද ලංකා බැංකුවේ අය කර ගැනීම් අංශයේ නියෝජ්‍ය මහා කළමණාකරු ඊ.එම්. ජයරත්න මෙලෙස අදහස් පළ කළා.

 

මෙම වැඩසටහනේ දෙදින නේවාසික පුහුණු කදවුරේ කටයුතු අද අළුයම ආරම්භ කෙරුණා. අද පෙරවරුවේ මෙම කදවුරට එක්ව සිටින සිසුවියන්ගේ මව්පියන් වෙනුවෙන් දේශණයක්ද පැවැත්වෙනවා.