Friday, May 17, 2024

General line - 0115112241

හලාවතින් ගමන් ආරම්භ කරන පෞද්ගලික බස්රථ සේවකයන් වර්ජනයක

ජූඞ් සමන්ත




හලාවත නගරයෙන් ආරම්භ වන සියළුම පුද්ගලික බස් රථ සේවකයන් අද පෙරවරුවේ සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, ඉකුත් 6 වනදා මීගමුව පොලීසියට රැගෙන ගොස් බස් රථ සේවකයෙකුට පහරදීමේ සිද්ධියක් මුල් කර ගනිමින්.  මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ හලාවත - මීගමුව බස් රථයක කොන්දොස්තරවරයෙක් බවයි බස් රථ සේවකයන් පවසන්නේ.

එම කොන්දොස්තරවරයා ප‍්‍රතිකාර සදහා මාරවිල රෝහලට ඇතුළත් කෙරුණු අතර වැඩිදුර ප‍්‍රතිකාර සදහා අද දින හලාවත මහ රෝහලට මාරු කර යවා තිබෙනවා. පහර කෑමට ලක්ව වූ බස් කොන්දොස්තරවරයාට සාධාරනයක් ඉටු කරන ලෙස ඉල්ලමින් හලාවත - මීගමුව අතර බස් සේවකයින් 07 වැනිදා සිට වර්ජනයේ නිරත වුණා. මේ වන තුරු සාධාරනයක් ඉටු නොවීම හේතුවෙන් හලාවත නගරයෙන් ගමන් ආරම්භ කරන සියළුම බස් රථ වර්ජනයට එක්ව සිටින බවයි බස් රථ සේවකයන් පවසන්නේ.