Wednesday, May 15, 2024

General line - 0115112241

ඉන්දු - ශ‍්‍රී ලංකා සබඳතා ගැන විපක්ෂ නායකවරයාගෙන් ප‍්‍රකාශයක්




2014 වසරේ සිදුවූ ඉන්දීය ආණ්ඩු පෙරළියත් සමග ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති ද්විපාර්ශවික සබඳතා බිඳ වැටුනු බව විපක්ෂන නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එහිදී දෙරටේ රජයන් අතර පැවැති කි‍්‍රයාකාරී සබඳතා  බිඳ වැටුනු බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ.

එම කාලසීමාවේදී දෙපාර්ශවයේ සන්නිවේදනය අවම වීම නිසා අනවබෝධයන් ඇතිවූ බව ද බැංගලෝරයේදී අද ආරම්භ වූ සමුළුවක් අමතමින් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියා. ද හින්දු පුවත්පත මගින් එම සමුළුව සංවිධාන කර තිබෙනවා.