Wednesday, May 15, 2024

General line - 0115112241

මුදල් ගත් බන්ධනාගාර නිලධාරියෙක් ගැන විමර්ශනයක්

නිශාන් ද සිල්වා




රැඳවියෙකුගෙන් මුදල් ලබා ගත් බවට චෝදනා එල්ල වී ඇති අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ පුණුරුත්තාපන නිලධාරියෙකු සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබෙනවා. 

අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින කැප්ටන් නමැති සිරකරුවාගෙන් රුපියල් දසදහසක මුදලක් ලබා ගත් බවටයි අදාළ නිලධාරියාට චෝදනා එල්ල වී ඇත්තේ. සිය බිරිඳ විසින් බටඅත ප‍්‍රදේශයේ පිහිටි නිවසේදී සැකකාර බන්ධනාගාර නිලධාරියාට එම මුදල ලබා දී ඇති බවයි කැප්ටන් නමැති සිරකරු බන්ධනාගාර නිළධාරීන් හමුවේ ප‍්‍රකාශ කර ඇත්තේ. 

මුදල් ලබා ගත් බන්ධනාගාර නිලධාරියා තමන්ගෙන් තවත් ලක්ෂ 03ක මුදලක් ඉල්ලා සිටි බව ද එම සිරකරුවා අනාවරණ කර තිබෙනවා.