Thursday, May 16, 2024

General line - 0115112241

මදුෂ් වෙනුවෙන් පෙනී සිටින්න නීතීඥවරුන් 06 දෙනෙකු ඩුබයි යයි

හේමන්ත කහවලගේ




ඩුබායිහි දී අත්අඩංගුවට ගත් මාකදුරේ මදුෂ්ට අදාළ නීතිමය කටයුතු වෙනුවෙන් පෙනී සිටීම සඳහා නීතිඥවරුන් 06 දෙනෙකු එරට බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ අතර නම් දැරූ නීතිඥවරුන් කිහිප දෙනෙකු ද වන බවයි වාර්තා වන්නේ. 

කෙසේවෙතත් එම නීතිඥවරුන් පිරිසට එරට නීතිය අනුව මෙම සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටීම ගැටළුවක් වී ඇති බවද සඳහන්. මෙරට නීතිඥවරුන් රෝම ලන්දේසි නීතිය යටතේ කටයුතු කරන අතර ඩුබායිහි ක‍්‍රියාත්මක වන්නේ ශරියා නීතිය වීම ඊට හේතුවයි.